රංගිරි ශ්‍රී ලංකා මාසික බෞද්ධ සාර සංග්‍රහය

අප ගැන බිදක්…

රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සමාරම්භක මුද්‍රිත ප්‍රකාශනය වූ කලී රංගිරි ශ්‍රී ලංකා බෞද්ධ පුවත්පත වේ. මාසික සාර සංග්‍රහයක් ලෙස 2006 වසරේ ජනවාරි මස පුන් පොහෝ දින පුවත්පත ඇරඹිණි. සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය පණ්ඩිත ඉනාමළුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් සහ උපදේශකත්වයෙන් මෙය එළිදැක්විණි. පුවත්පත අධීක්‍ෂණය වූයේ රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය පූජ්‍ය දානියගම ආනන්ද හිමිපාණන් වහන්සේගේ සුරතිණි.
රංගිරි දඹුලු සංවර්ධන පදනමේ ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ පුවත්පතට අනතුරුව ආරම්භ වූ රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය හා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය එක්වූ විට එය මෙරට ප්‍රථම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනය වීමේ ගෞරවයටද හිමිකම් කීය.
….

මෙවර වෙසක් මස මාසික සඟරාව

අන්තර්ගතය


මේ මස රංගිරි ශ්‍රී ලංකා පුවත් පතෙහි අන්තර්ගත තොරතුරු කරුණු වශයෙන්
  • වෙසක් පොහොය වර්ණනාව
  • පුදබිමක අසිරිය – රන්ගිරි දඹුලු රජ මහා විහාරය
  • වෙසක් උත්සවය
  • උඩරට කැටයම් කලාව – ගම්පොල යුගය
  • වෛශ්‍යාක්‍ය මංගල්‍යය
  • කිසිල් ලෙන් විහාර සංකීර්ණය
  • මොහදුර බිදලන වෙසක් මංගල්‍යය
  • සඳ සිසිල – වෙසක් මිහිර
  • ප්‍රඥාවේ මාවත පෙන්වන මහා මුනිවත
  • ජීවිතයට මංගල සූත්‍රය පිළිපදිමු
  • නිවන් මගට රුවන් දොර
  • චිත්‍ර කථාව – සාමා (සාමා ජාතකය ඇසුරෙන්)
  • රහතුන් ගිය මග
  • තෙමගුල
  • සුසර අතිරේකය – නිවන් ලබමු
  • වන්දනා චාරිකා – ලංකාරාමය
  • වෙසක් උත්සවය අර්ථවත් කරගමු


පොහොය වර්‍ණනාව
ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් ලෙස වෙසක් පොහෝදිනය හැඳින්විය හැකිය. උතුම් මංගල කරුණු තුනක්වන බෝසතාණන් වහන්සේගේ උපත සම්මා සම්බුද්ධත්වයට පත්වීම, පිරිනිවීම යන්න සැමරීමය. ලෝක බෞද්ධ ජනතාවට ආගමික කටයුතුවල නිරතවීමට නිවාඩු දිනයක් ලෙස සම්මත වූයේද වෙසක් පොහෝදිනයයි. බුද්ධත්වය ලබාගැනීම සඳහා පාරමීධර්‍ම පිරීමෙන් පසු මනුලොව උපත ලැබුවේද සම්මා සම්බුද්ධත්වයට පත්වූයේද පිරිනිවන්පෑවේද අසිරිමත් වෙසක් පොහෝ දිනකය.
අප මහ බුදුරජාණන් වහන්සේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන ගුණාංග නිරූපණය කරලීමට උන්වහන්සේ කායික ලක්‍ෂණයන් උපයෝගී විය. සාමාන්‍යයෙන් අප කිසියම් නිර්මාණයන් දෙස සුපරික්‍ෂාකාරිව බලා සිටියදී ඒ තුලින් අප සිතට කිසියම් හැඟීමක් ජනිත වේ නම් එය සාර්ථක නිර්මාණයක් වන්නේය. බුද්ධ ප්‍රතිමාව එවැන්නකි. අද්විතීය බුද්ධ ප්‍රතිමාවක දක්නට ලැබෙන මුද්‍රාවන් පිළිබඳව තවදුරටත් විමසා බලමු.
උඩරට ලී කැටයම් කලාව – ගම්පොළ යුගය
ඇම්බැක්ක දේවාලය.
උඩරට ලී කැටයම් කලාවේ විශිෂ්ටත්වය ගම්පොළ යුගයේ දී නිරූපණය වූයේ, ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් තුළිනි. බොහෝ විද්වතුන් ගේ මෙන් ම දෙස් විදෙස් සංචාරකයින් ගේ පවා අවදානය යොමු වූ ඇම්බැක්ක දේවාලයේ දික්ගෙයි කැටයම් මහනුවර මඟුල් මඩුවේ කැටයම්වලට යම් යම් සමානකම් දක්වයි. ඇම්බැක්ක ලී කැටයම් අතර දක්නට ලැබෙන සමාජ සිද්ධි නිරූපිත කැටයම් හා සත්ත්ව රූ කැටයම් හැරෙන්නට මල් කැටයම්, ලියවැල් කැටයම් හා පලාපෙති කැටයම් ආදිය මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ ද දක්නට ලැබේ.
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රවෙන පිං බිමක් වශයෙන් කැළණි රජමහ විහාරය හැඳින්විය හැකිය. කැළණි පුරවරය ඓතිහාසික නගරයක් වහයෙන් ද මෙහිලා සඳහන් කිරීමට පු`ඵවන. විජයාගමනය ඇතිවීමට පෙරාතුව මෙම ප්‍රදේශය ජනාකීර්ණව පැවැති බවත් නාග ගෝත්‍රිකයන් මෙහි වාසය කළ බවත් මහාවංශයෙහි දැක්වේ.
නැගෙනහිර පළාත බෞද්ධ උරුමයන් රැසක් පිහිටා ඇති ප්‍රදේශයකි. බෞද්ධ ජනතාවගේ නෙතට ගැටුනු වැදුම් පිදුම් සිදුකරන ප්‍රධාන සිද්ධස්ථාන ගසක් දැක බලාගත හැකිය. එයින් ප්‍රධාන තැනක් ගන්නේ දීඝවාපි ස්ථූපයයි.
දුක පංචස්කන්ධය නොව පංච උපාදානස්කන්ධයයි.
පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය මූලික බුදු සමයේ විග්‍රහ වන ගැඹුරු සංකල්ප දෙකකි. පුහුදුන් සත්වයින්ට නිවැරදිව තේරුම් ගැනීමට ඉතා අපහසු ධර්මතාවයකි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම දහම දෙසුම වූ ධම්මචක්කපවත්තන සූත්‍රයෙහි දක්වා ඇත්තේ කෙටියෙන්ම කියතොත් පංචඋපාදානස්කන්ධයම දුකයි යනුවෙනි.
මහනුවර යුගයේ ගල් කැටයම් අතර වාහල්කඩ කැටයම් ඉතා සුවිශේෂි වෙයි. ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ ගඩොල් සහ ගල් උපයෝගී කරගෙන නිවමා ඇත. සිව් දෙසට ආරුක්කු හැඩයට නිම වූ පළල් දොරටු සතරක් දක්නට ලැබෙන අතර මෙම දොරටු දෙපසින් සහ කොන් සතරෙහි බිත්ති මත ගල් කැටයම් පුවරු දැකගත හැකි ය.
මහනුවර නාථ දේවාලයේ වාහල්කඩ ද මහනුවර යුගයේ උඩරට කලා සම්ප්‍රදායට අනුකූල ව නිමවූවකි.
වෙසක් උත්සවය
වෙසක් හෙවත් වෛශ්‍යාඛ්‍ය උත්සවය වර්ෂයේ මැයි මාසයේ පවත්වන බෞද්ධාගමිකයන්ට සුවිශේෂී වූ ආගමික උත්සවයකි. තුන්ලෝකාග්‍ර සම්බුදුපියාණන් වහන්සේ ලොව ඇති සියල්ලෙහිම යථාභූත බව හෙවත් යථාතත්වය අවබෝධ කරගනිමින් සම්මා සම්බුදත්වයට පත්වූයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේය. එසේම උන්වහන්සේ මනුෂ්‍යයෙකු වශයෙන් මෙළොවට පහළවූයේද වෙසක් පුර පසළොස්වක පෝය දිනයේය.

රංගිරි ශ්‍රී ලංකා පුවත්පතට ඔබටත් ලිවීමට අවස්තාව, එන්න අප සමග එක්වන්න.

පහත සදහන් පෝරමය වෙත ඔබගේ විස්තර ඇතුලත් කොට අපගේ පුවත්පත සදහා ඔබ ලියන ලද විස්තරය ඡායාරූප ආකාරයෙන් හෝ PDF ආකාරයෙන් උඩුගත කරන්න...